Our services

අපගේ අපේක්ෂාව

අප ආයතනය කෙරේ ඔබ තබා ඇති විශ්වාසය ගැන ඔබට ස්තුති කරන අතර, ඔබ විසින් කරනු ලබන ඉල්ලිම සඳහා යුක්ති සහගතව, සාධාරණව සහ නියමිත පරිදි කලට වේලාවට ඉටු කර දීමෙන් කුසලතා සපිරූ සමූපකාර සේවකයින් බිහි කිරීම තුළින් කාර්යක්ෂම සමූපකාර කේෂේත‍්‍රයක් නිර්මාණය කිරීම මගින් මැදරට අභිමානයෙන් ඉදිරියට යෑමට දායකචීමත් ඒ හරහා ජාතික ආර්ථික සංවර්ධනයට  දායකචීම.

සේවාවන්

  • සේවක ගැටඵ කොමිෂන් සභාවට ලැබීමෙන් අනතුරුව සමිතියෙන්   වාර්තා ලබා ගෙන තීරණ ගැනීම.
  • ක්‍ෂෙත‍්‍ර පරීක්ෂාවන්
  • සමිති/සේවක දෙපාර්ශවය කැඳවා කොමිෂන් සභාව විසින් පරීක්ෂණ පැවැත්වීම.
  • දෙපාර්ශවය කැඳවා සුහඳ සාකච්ඡා මාර්ගයෙන් ගැටළු  විසදීම.
  • සභාපතිවරුන් කොමිෂන් සභාවට කැඳවා පොදු සාකච්ඡා මගින් කරුණු පැහැදිලි කිරීම.
  • සේවක ගැටළු සම්බන්ධයෙන් සමිතියෙන් නිකුත් කරන කොමිෂන් සභා නියෝග පිළිනොපදින සමිතිවලට එරෙහිව ප‍්‍රඥප්තියට අනුකූලව නඩු පැවරීම.
  • සමූපකාර දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය වී පුහුණු පාඨමාලා පැවැත්වීම.
  • සමිතිවලට ජ්‍යෙෂ්ඨ තනතුරුවලට අයදුම්කරන්නන් නොසිටීම හේතුවෙන් අවශ්‍ය සේවක සංචිත පිහිටුවා පුහුණුව ලබා දීමෙන් අනතුරුව නාම ලේඛන සමිතිවලට යවා සුදුසු අයෙකු තෝරාගැනීමට අවස්ථාව ලබා දීම.
  • සමිතිවල කාර්යභාරය විධිමත් ලෙස ඉටු කිරීමට ඔවුන් තුළ ඇති දැනුම, අවබෝධය හා සැලසුම්වල ඌණතාවය නිසා කොමිෂන් සභාව විසින් විධිමත්ව පරිපාටියට අනුකූලව කටයුතු කිරීමට සුදුසු ආකෘතිපත් හදුන්වා දීම.

our standardsප‍්‍රමිතින්

කොමිෂන් සභාවක් යනු අර්ධ අධිකරණමය බල තල ඇති ආයතනයකි. මේ අනුව අපක්ෂපාති කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන,

  • අභියාචනාවලට  සාධාරණ සහ යුක්ති සහගත නියෝග ලබා දීම.
  • සෑම ඉල්ලීමකටම කඩිනමින් ප‍්‍රතිචාර දැක්වීම.
  • පිළිතුරු උපරිම දින 7ක් තුළ ලබා දීම.
  • ඉල්ලීමේ අවශ්‍යතා සියල්ල සපුරා ඇත්නම් අපගේ කාල පරාසය තුළ ඉටු කර දීමට අප බැඳී සිටින බව අවසාන තීරණය ගැනීමට ප‍්‍රමාද වන විට/ ගැටළු ඇති විට ක්ෂණිකව ඒ බව දැන්වීම
  • සමූපකාර කේෂේත‍්‍රයේ සේවකයින්ගේ සේවා කොන්දේසි විධිමත් කිරීම, එම කොන්දේසි නියමිත පරිදි කි‍්‍රයාත්මක වන්නේදැයි පසු විපරම් කිරීම. සමූපකාර සුභ සාධනය හා සේවක කළමනාකරණය මඟින් කැපවීම හා කාර්යක්ෂමතාවය හා කාර්ය සාධන ගුණාත්මකතාවය වර්ධනය කිරීම.
  • සේවක අභියාචනා විභාග කිරීමට විධි විධාන යෙදීම.
  • කොමිෂන් සභා නියෝග උල්ලංඝණයට එරෙහිව පියවර ගැනීම.
  • අවශ්‍ය නෛතික ප‍්‍රතිපාදන හා ප‍්‍රඥ්ප්ති සැකසීම.
  • අවසානයේ සමූපකාර සේවකයා නිදහසේ තම කාර්ය ඉටු කර ගැනීමට අවස්ථාව සලසා දීම, ආරක්ෂා කර දීම සහ වරප‍්‍රසාද ලබා දීමට කටයුතු කිරීම මගින් යහපත් සමූපකාර සේවකයින් ප‍්‍රතිෂ්ඨාපනය කිරීම.

 

වගකීම්

ලබා දෙන සේවාවන්

සේවය ලබාදීමේ ප‍්‍රමිති දින /සති

අදාළ නීති රීති සංග‍්‍රහ හා රෙගුලාසි ආදිය
සමූපකාර සේවක පත් කිරීම් සති 02 weeks මධ්‍යම පළාත් සමූපකාර සේවක කොමිෂන් සභා ප‍්‍රඥ්ප්තිය හා බඳවා ගැනීමේ පරිපාටිය.
මාරු කිරීම් සති  02 weeks -එම-
උසස් කිරීම් සති 02 weeks -එම-
අභියාචන කටයුතු සති 04 weeks -එම-
සේවක පැමිණිලි සති 02 weeks චක‍්‍රලේඛ ප‍්‍රකාරව
වැටුප් පිලිබඳ ගැටඵ දින10 days බඳවාගැනීමේ පරිපාටිය හා චක‍්‍රලේඛ ප‍්‍රකාරව

සැලකිය යුතුයි:- අවශ්‍ය සම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කළ දින සිට

 

සේවාවන් සඳහා සම්පූර්ණ විය යුතු අවශ්‍යතා

ලබා දෙන සේවය සම්පූර්ණ විය යුතු අවශ්‍යතා වගකීම්
තනතුරු අනුමත කිරීම සමිතියේ ඉල්ලීම
අධ්‍යක්ෂ මණ්ඩල තීරණය
පිරිස්බල තක්සේරු පිටපත
අයදුම්පත‍්‍ර කැඳවීමට පූර්ව  අනුමැතිය ලබා ගැනීම
සම්පූර්ණ කරන ලද තනතුරු අනුමැතිය ලබා ගැනීමේ ආකෘති පත‍්‍රය
පුවත්පත් දැන්වීමි/ප‍්‍රසිද්ධ දැන්වීම
සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය පිළිබඳ තොරතුරු
සම්මුඛ පරීක්ෂණයටසහභාගි වීමේ අත්සන් ලේඛනය
අයදුම්පත් උප ගොනු
අනු ලකුණු ලයිස්තු හා ඒකාබද්ධ ලකුණු ලයිස්තු
සමුපකාර සංවර්ධන නිලධාරී නිර්දේශය
ලේකම්
පරිපාලන නිලධාරි
කළමනාකරණ සහකාර
සංවර්ධන නිලධාරී
සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය
කොමිෂන් සභා  නියමය
සේවා දීර්ඝ කිරීම් සමුපකාර සංවර්ධන නිලධාරී නිර්දේශය  
මාරු කිරීම්
උසස් කිරීම්
වාර්ෂිකව පවත්වනු ලබන කාර්යක්ෂ මතා කඩඉම සමත් වීම ලේකම්
කොමිෂන් සභාව
විනය කටයුතු (සේවක අභියාචනා) රේගුලාසි 135 යටතේ සේවක ඉල්ලීම
පෞද්ගලික ලිපි ගොනුව
විනය පරීක්ෂණ වාර්තාව
අභියාචන පරීක්ෂණ මණ්ඩලය
කොමිෂන් සභාව

සංස්ථාපනය

statute සමුපකාර සේවක කොමිෂන් සභාව, සමුපකාර සේවක කොමිෂන් 1990 පනth අංක 14 යටතේ ස්ථාපිත කරන ලදී

සමූපකාර සමිති

coop societies අපි විවිධ-සේවා, සකසුරුවම් සහ ණය ගනුදෙනු, කිරි නිෂ්පාදකයන් හා අනෙකුත් සමුපකාර සමිති සඳහා සහාය දෙමු

අපගේ ප්‍රමිතින්

our standards කොමිසම අර්ධ අධිකරණ බලය සහිත ආයතනයක් වන අතර එම නිසා අපක්ෂපාතී ලෙස ක්‍රියාත්මක වේ

අප අමතන්න

Reach us අංක 109, ‍යටිනුවර වීදිය
මහ නුවර
ශ්‍රී ලංකාව