බලතල හා කාර්ය භාරය

statuteප‍්‍රඥප්තියට අනුකූලව මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව සතු බලතල

  • සමූපකාර සමිති සඳහා සේවකයින් බඳවා ගැනීමට අදාළ සියඵ කරුණු හා සේවා කොන්දේසි නියම කිරීම, සේවකයින් පත්කිරීමේ දී  හා උසස් කිරීමේදී සමිති විසින් අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්ති නිශ්චය කිරීම.
  • සේවකයින් බඳවා ගැනීම සඳහා විභාග පැවැත්වීම හෝ ඒ විභාග පැවැත්වීමේ කාර්යය සඳහා පරීක්ෂක මණ්ඩල පත් කිරීම හා විභාගවලට පෙනී සිටින අපේක්ෂකයින්ගෙන් ගාස්තු අය කිරීම.
  • තනතුරකට පත් කිරීම සඳහා සුදුසුකම් නිශ්චය කිරීම වැටුප් ක‍්‍රම නියම කිරීම් වැටුප් ක‍්‍රම කළින් කළ ප‍්‍රතිශෝධනය කිරීම හෝ සකස් කිරීම හා සමූපකාර සේවකයින්ගේ පාරිශ‍්‍රමික හා සේවා කොන්දේසි නිශ්චය කිරීමේදී උපදේශක කාර්ය සංවිධාන පිහිටුවීම.
  • තනතුරු සඳහා කොමිෂන් සභාව විසින් නියම කරන ලද වැටුප් ක‍්‍රම අනුව වැටුප් ගෙවන ලෙස  සමිතිවලට නියම කිරීම.
  • තම සේවකයින්ට විරුද්ධව විනයානුකූල කටයුතු කිරීමේ අයිතිවාසිකම් කි‍්‍රයාවේ යෙදවීමෙහිලා සමිති විසින් අනුගමනය කළ යුතු කාර්ය පරිපාටිය හෝ කාර්ය පරිපාටි නිශ්චය කිරීම හා විනයානුකූල පරීක්ෂණ කොමිෂන් සභාව විසින් නියම කරනු ලබන කාලයක් ඇතුළතදී අවසාන කරන ලෙසද සමූපකාර සමිතියට නියම කිරීම් හා යම් සමූපකාර සමිතියක් විසින් කරනු ලැබූ විනයානුකූල නියෝගයකට විරුද්ධව පැන නගින අභියාචනා විභාග කිරීම.
  • යම් සමූපකාර සමිතියකට එහි සේවකයින්ට අදාළ නියමිත සටහන් තබන ලෙස නියම කිරීම.
  • සේවකයින් සම්බන්ධයෙන් කොමිෂන් සභාවට  අවශ්‍ය විය හැකි   ලිපි ගොනු  වෙනත් ලේඛන හෝ තොරතුරු නිශ්චිතව නියමිත දිනයකට පෙර සපයන ලෙස දැන්වීම.
  • අභියාචනා සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ පැවැත්වීම සඳහා මූල මණ්ඩල පත් කිරීම.
  • අභියාචනා ඉදිරිපත්වී ඇති අවස්ථාවක සේවකයා සම්බන්ධයෙන් දෙනු ලැබිය හැකි උපදෙස් කි‍්‍රයාත්මක කරන ලෙස සමිතිවලට නියම කිරීම.
  • පාරිතෝෂික හා වෙනත් ප‍්‍රතිලාභ වශයෙන් සේවකයන්ට ප‍්‍රදාන කළ හැක්කේ යම් සාමාන්‍ය ප‍්‍රතිපත්තියක් අනුවද ඒ ප‍්‍රතිපත්ති නියම කිරීම.
  • ප‍්‍රඥප්තිය  අනුව කටයුතු කිරීමේදී සමිති නිදහස් කිරීම සම්බන්ධයෙන් කොමසාරිස් විමසා ඇමතිවරයාට උපදෙස් දීම හා පළාත් සභාවේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු ඇමතිවරයා විසින් පනවනු ලැබූ ගැසට් පත‍්‍රයෙහි පළ කරනු ලබන ආඥාවකින් සමුපකාර සේවක කොමිෂන් සභාව වෙත පවරනු ලැබිය හැකි සමූපකාර සමිතිවලට හා ඒවායේ සේවකයින්ට අදාළ වෙනත් බලතල කි‍්‍රයාවෙහි යෙදවීම.

 


කාර්ය භාරය

සමුපකාර සේවක කොමිෂන් සභා ප‍්‍රඥප්තිය හා ඒ යටතේ වූ රෙගුලාසි වලින් පැන නැගී ඇති විධිවිධාන වලට අනුකූලව මධ්‍යම පළාත් සමූපකාර සේවකයින්ගේ කාර්යාභිවර්ධනය සඳහා කටයුතු කිරිම වස්,

  • චකුලේඛ නිකුත් කිරිම/උපදෙස් නිකුත් කිරීම.
  • සමුපකාර සමිතිවල තනතුරුවලට බදවා ගැනිමට පත්වීමි අනුමත කිරීම.
  • ස්ථාන මාරු කිරීම අනුමත කිරීම.
  • අභියාචනා පරීක්‍ෂණ පැවැත්වීම/විභාග කිරිම.
  • බඳවාගැනිමේ  සුදුසුකම්  ඇතුලත් බඳවා ගැනිම් පරිපාටි සැකසීම වැටුප් ම හා  දිමනා අනුමත කිරිම
  • විනය පරික්‍ෂණ නිලධාරීන්  නම් කිරීම/පත්කිරීම.
  • සේවකයන්ගේ  විවිධ ගැටළු හා ප‍්‍රශ්න සඳහා අවස්ථානෝචිතව උපදෙස් හා නියමයන් නිකුත් කිරිම.
  • කොමිෂන් සභා නියමයන් පැහැර හැරීමට එරෙහිව  නීතිමය පියවර ගැනිම.
  • ක්‍ෂෙත‍්‍ර  පරීක්‍ෂණ පැවැත්වීම.ගැටළු නිරාකරණය සම්බන්ධ සාකච්ඡාමය  පරීක්‍ෂණ පැවැත්වීම සිදුකෙරේ.

Related Articles

අප ගැන

සංවිධාන ව්‍යුහය

සංස්ථාපනය

statute සමුපකාර සේවක කොමිෂන් සභාව, සමුපකාර සේවක කොමිෂන් 1990 පනth අංක 14 යටතේ ස්ථාපිත කරන ලදී

සමූපකාර සමිති

coop societies අපි විවිධ-සේවා, සකසුරුවම් සහ ණය ගනුදෙනු, කිරි නිෂ්පාදකයන් හා අනෙකුත් සමුපකාර සමිති සඳහා සහාය දෙමු

අපගේ ප්‍රමිතින්

our standards කොමිසම අර්ධ අධිකරණ බලය සහිත ආයතනයක් වන අතර එම නිසා අපක්ෂපාතී ලෙස ක්‍රියාත්මක වේ

අප අමතන්න

Reach us අංක 109, ‍යටිනුවර වීදිය
මහ නුවර
ශ්‍රී ලංකාව