බලතල හා කාර්ය භාරය

statuteප‍්‍රඥප්තියට අනුකූලව මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව සතු බලතල

  • සමූපකාර සමිති සඳහා සේවකයින් බඳවා ගැනීමට අදාළ සියඵ කරුණු හා සේවා කොන්දේසි නියම කිරීම, සේවකයින් පත්කිරීමේ දී  හා උසස් කිරීමේදී සමිති විසින් අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්ති නිශ්චය කිරීම.
  • සේවකයින් බඳවා ගැනීම සඳහා විභාග පැවැත්වීම හෝ ඒ විභාග පැවැත්වීමේ කාර්යය සඳහා පරීක්ෂක මණ්ඩල පත් කිරීම හා විභාගවලට පෙනී සිටින අපේක්ෂකයින්ගෙන් ගාස්තු අය කිරීම.
  • තනතුරකට පත් කිරීම සඳහා සුදුසුකම් නිශ්චය කිරීම වැටුප් ක‍්‍රම නියම කිරීම් වැටුප් ක‍්‍රම කළින් කළ ප‍්‍රතිශෝධනය කිරීම හෝ සකස් කිරීම හා සමූපකාර සේවකයින්ගේ පාරිශ‍්‍රමික හා සේවා කොන්දේසි නිශ්චය කිරීමේදී උපදේශක කාර්ය සංවිධාන පිහිටුවීම.
  • තනතුරු සඳහා කොමිෂන් සභාව විසින් නියම කරන ලද වැටුප් ක‍්‍රම අනුව වැටුප් ගෙවන ලෙස  සමිතිවලට නියම කිරීම.
  • තම සේවකයින්ට විරුද්ධව විනයානුකූල කටයුතු කිරීමේ අයිතිවාසිකම් කි‍්‍රයාවේ යෙදවීමෙහිලා සමිති විසින් අනුගමනය කළ යුතු කාර්ය පරිපාටිය හෝ කාර්ය පරිපාටි නිශ්චය කිරීම හා විනයානුකූල පරීක්ෂණ කොමිෂන් සභාව විසින් නියම කරනු ලබන කාලයක් ඇතුළතදී අවසාන කරන ලෙසද සමූපකාර සමිතියට නියම කිරීම් හා යම් සමූපකාර සමිතියක් විසින් කරනු ලැබූ විනයානුකූල නියෝගයකට විරුද්ධව පැන නගින අභියාචනා විභාග කිරීම.
  • යම් සමූපකාර සමිතියකට එහි සේවකයින්ට අදාළ නියමිත සටහන් තබන ලෙස නියම කිරීම.
  • සේවකයින් සම්බන්ධයෙන් කොමිෂන් සභාවට  අවශ්‍ය විය හැකි   ලිපි ගොනු  වෙනත් ලේඛන හෝ තොරතුරු නිශ්චිතව නියමිත දිනයකට පෙර සපයන ලෙස දැන්වීම.
  • අභියාචනා සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ පැවැත්වීම සඳහා මූල මණ්ඩල පත් කිරීම.
  • අභියාචනා ඉදිරිපත්වී ඇති අවස්ථාවක සේවකයා සම්බන්ධයෙන් දෙනු ලැබිය හැකි උපදෙස් කි‍්‍රයාත්මක කරන ලෙස සමිතිවලට නියම කිරීම.
  • පාරිතෝෂික හා වෙනත් ප‍්‍රතිලාභ වශයෙන් සේවකයන්ට ප‍්‍රදාන කළ හැක්කේ යම් සාමාන්‍ය ප‍්‍රතිපත්තියක් අනුවද ඒ ප‍්‍රතිපත්ති නියම කිරීම.
  • ප‍්‍රඥප්තිය  අනුව කටයුතු කිරීමේදී සමිති නිදහස් කිරීම සම්බන්ධයෙන් කොමසාරිස් විමසා ඇමතිවරයාට උපදෙස් දීම හා පළාත් සභාවේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු ඇමතිවරයා විසින් පනවනු ලැබූ ගැසට් පත‍්‍රයෙහි පළ කරනු ලබන ආඥාවකින් සමුපකාර සේවක කොමිෂන් සභාව වෙත පවරනු ලැබිය හැකි සමූපකාර සමිතිවලට හා ඒවායේ සේවකයින්ට අදාළ වෙනත් බලතල කි‍්‍රයාවෙහි යෙදවීම.

 


කාර්ය භාරය

සමුපකාර සේවක කොමිෂන් සභා ප‍්‍රඥප්තිය හා ඒ යටතේ වූ රෙගුලාසි වලින් පැන නැගී ඇති විධිවිධාන වලට අනුකූලව මධ්‍යම පළාත් සමූපකාර සේවකයින්ගේ කාර්යාභිවර්ධනය සඳහා කටයුතු කිරිම වස්,

  • චකුලේඛ නිකුත් කිරිම/උපදෙස් නිකුත් කිරීම.
  • සමුපකාර සමිතිවල තනතුරුවලට බදවා ගැනිමට පත්වීමි අනුමත කිරීම.
  • ස්ථාන මාරු කිරීම අනුමත කිරීම.
  • අභියාචනා පරීක්‍ෂණ පැවැත්වීම/විභාග කිරිම.
  • බඳවාගැනිමේ  සුදුසුකම්  ඇතුලත් බඳවා ගැනිම් පරිපාටි සැකසීම වැටුප් ම හා  දිමනා අනුමත කිරිම
  • විනය පරික්‍ෂණ නිලධාරීන්  නම් කිරීම/පත්කිරීම.
  • සේවකයන්ගේ  විවිධ ගැටළු හා ප‍්‍රශ්න සඳහා අවස්ථානෝචිතව උපදෙස් හා නියමයන් නිකුත් කිරිම.
  • කොමිෂන් සභා නියමයන් පැහැර හැරීමට එරෙහිව  නීතිමය පියවර ගැනිම.
  • ක්‍ෂෙත‍්‍ර  පරීක්‍ෂණ පැවැත්වීම.ගැටළු නිරාකරණය සම්බන්ධ සාකච්ඡාමය  පරීක්‍ෂණ පැවැත්වීම සිදුකෙරේ.

අප ගැන

Our Objectivesආරම්භ  හා විකාශනය

මධ්‍යම පළාත් සභාවේ 1990 අංක 14 දරන සමුපකාර සේවක කොමිෂන් සභා ප‍්‍රඥප්තිය හා 1993 අංක 03 සමුපකාර සේවක සභා (සංශෝධන ) ප‍්‍රඥප්තිය යටතේ මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව සංස්ථාපන කරන ලදි. මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව පත් කර කටයුතු කිරීම ආරම්භ වූ වර්ෂය -1992

කොමිෂන් සභා  සාමාජිකයින් පත් කිරීම

මධ්‍යම පළාත් සමූපකාර විෂය භාර ගරු අමාත්‍යතුමා විසින් පත් කරනු ලබන තිදෙනකුගෙන් කොමිෂන් සභාව සමන්විත වන අතර ඉන් එක් අයෙකු සභාපති ලෙස පත් කරනු ලබයි.

ඒ අනුව පහත සඳහන් පරිදි වර්තමාන කොමිෂන් සභාව සමන්විතවේ.

වර්තමාන කොමිෂන් සභාවේ සාමාජිකයින්

ගරු සභාපති ටී. ඩී. ජයතිස්ස මහතා
ගරු සාමාජික ඇම්. ඇම්. ලොකුබණ්ඩා මහතා
ගරු සාමාජික එල්. පී ජී. එස්. සේනාසේකර මහතා

ධූර කාලය -  වසර 03 කි

ඝණපූර්ණය

සාමාජිකයින් දෙදෙනෙකි. සාමාජික දිමනාව පළාතේ මුල්‍ය විෂයභාර පළාත්  ඇමතිවරයා විසින් නිශ්චය කරන ලබන පාරිශ‍්‍රමිකයන් හා දිමනා ගෙවිය හැකිය. සමුපකාර සේවක කොමිෂන් සභාවේ ලේකමිවරයා ශි‍්‍ර ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු විය යුතුය.අනෙකුත් කාර්ය මණ්ඩලය පළාත් රාජ්‍ය සේවයෙන් පත් කරනු ලැබිය යුතුය.

සංවිධාන ව්‍යුහය

Organization Chart of Ministry of Road Development, Power & Energy and Housing & Construction, Sri Lanka

 

තනතුර

නම

ලේකම්

කේ.ඒ.එල්.සජීවනී

පරිපාලන නිලධාරී

වී. කේ. විජේසේන

ප‍්‍රධාන කළමනාකරණ සහකාර

ඊ.එම්.ජේ.එස්.බී.ඒකනායක

සංවර්ධන නිලධාරී

ඩබ්.පි.කේ.විජේසිංහ

සංවර්ධන නිලධාරී

එස්. එන්.දේවප්‍රිය

සංවර්ධන නිලධාරී

එල්. කේ. එම්. ටී. තිලකරත්න

සංවර්ධන නිලධාරී

ජී. එන්. ඩී. ද සිල්වා

සංවර්ධන නිලධාරී

එම්.ඒ.එස්.කේ.ගමගේ

සංවර්ධන නිලධාරී

ඩබ්ලිව්.ආර්.ඩී.එම්.කේ.වික්‍රමසිංහ

කළමනාකරණ සහකාර

ඩි. එස්. කේ. කේ. වික්‍රමනායක

කළමනාකරණ සහකාර

කේ.ඒ.සී.කරසිංහආරච්චි

රියදුරු

කේ.ජී.එම්.සී.විජේසිංහ

කාර්යාල කාර්ය සහයක

-

සංස්ථාපනය

statute සමුපකාර සේවක කොමිෂන් සභාව, සමුපකාර සේවක කොමිෂන් 1990 පනth අංක 14 යටතේ ස්ථාපිත කරන ලදී

සමූපකාර සමිති

coop societies අපි විවිධ-සේවා, සකසුරුවම් සහ ණය ගනුදෙනු, කිරි නිෂ්පාදකයන් හා අනෙකුත් සමුපකාර සමිති සඳහා සහාය දෙමු

අපගේ ප්‍රමිතින්

our standards කොමිසම අර්ධ අධිකරණ බලය සහිත ආයතනයක් වන අතර එම නිසා අපක්ෂපාතී ලෙස ක්‍රියාත්මක වේ

අප අමතන්න

Reach us අංක 109, ‍යටිනුවර වීදිය
මහ නුවර
ශ්‍රී ලංකාව