ආරම්භය හා විකාශනය
මධ්‍යම පළාත් සභාවේ 1990 අංක 14 දරන සමුපකාර සේවක කොමිෂන් සභා ප‍්‍රඥප්තිය හා 1993 අංක 03 සමුපකාර සේවක සභා (සංශෝධන ) ප‍්‍රඥප්තිය යටතේ මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව සංස්ථාපන කරන ලදි. මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව පත් කර කටයුතු කිරීම ආරම්භ වූ වර්ෂය -1992
කොමිෂන් සභා සාමාජිකයින් පත් කිරීම
මධ්‍යම පළාත් සමූපකාර විෂය භාර ගරු අමාත්‍යතුමා විසින් පත් කරනු ලබන තිදෙනකුගෙන් කොමිෂන් සභාව සමන්විත වන අතර ඉන් එක් අයෙකු සභාපති ලෙස පත් කරනු ලබයි.
ඒ අනුව පහත සඳහන් පරිදි වර්තමාන කොමිෂන් සභාව සමන්විතවේ.
වර්තමාන කොමිෂන් සභාවේ සාමාජිකයින්
| ගරු සභාපති | ටී. ඩී. ජයතිස්ස මහතා |
| ගරු සාමාජික | ඇම්. ඇම්. ලොකුබණ්ඩා මහතා |
| ගරු සාමාජික | එල්. පී ජී. එස්. සේනාසේකර මහතා |
ධූර කාලය - වසර 03 කි
ඝණපූර්ණය
සාමාජිකයින් දෙදෙනෙකි. සාමාජික දිමනාව පළාතේ මුල්‍ය විෂයභාර පළාත් ඇමතිවරයා විසින් නිශ්චය කරන ලබන පාරිශ‍්‍රමිකයන් හා දිමනා ගෙවිය හැකිය. සමුපකාර සේවක කොමිෂන් සභාවේ ලේකමිවරයා ශි‍්‍ර ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු විය යුතුය.අනෙකුත් කාර්ය මණ්ඩලය පළාත් රාජ්‍ය සේවයෙන් පත් කරනු ලැබිය යුතුය.

සමුපකාර සේවක කොමිෂන් සභාව, සමුපකාර සේවක කොමිෂන් 1990 පනth අංක 14 යටතේ ස්ථාපිත කරන ලදී
අපි විවිධ-සේවා, සකසුරුවම් සහ ණය ගනුදෙනු, කිරි නිෂ්පාදකයන් හා අනෙකුත් සමුපකාර සමිති සඳහා සහාය දෙමු
කොමිසම අර්ධ අධිකරණ බලය සහිත ආයතනයක් වන අතර එම නිසා අපක්ෂපාතී ලෙස ක්‍රියාත්මක වේ
අංක 109, යටිනුවර වීදිය